දේශීය කර්මාන්තකරුවන් විසින් නිෂ්පාදනය කරනු ලබන විවිධ අත්කම් නිෂ්පාදන අලෙවි කිරීමට සහ ඒවා මිලදී ගැනීමට ඉදිරියේදී මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පුළුල් වෙළෙඳපොළ ජාලයක් හඳුන්වාදීමට නියමිත බව කාර්මික සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
මෙරට නිෂ්පාදන අපනයනය කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණය සකසා ගැනීමට එමගින් අවස්ථාව හිමිවන අතර මෙම ජංගම යෙදවුම හරහා ඉදිරියේදී අන්තර්ජාලයේ වෙළෙඳපෙළක් නිර්මාණය කිරීමට ද එම මණ්ඩලය සැලසුම්කර තිබේ . ලබන වසරේ පෙබරවාරි මාසයේදී මෙය එළිදැක්වීමට නියමිත බව ද සදහන් .
දේශීය නිෂ්පාදකයන්ට අතරමැදියන්ගෙන් තොරව ගනුදෙනු කිරීමේ හැකියාව සහ විදෙස් ගැනුම්කරුවන් දේශීය නිෂ්පාදන වෙත ආකර්ශනය කර ගැනීමේ හැකියාව එමගින් ලැබෙන බව කාර්මික සංවර්ධන මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කර තිබේ .