මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු ගබඩා කාමරයෙන් සොරකම් කර පාතාලය ඇතුළු පිටස්තර පුද්ගලයින්ට අලෙවි කර තිබු තවත් රිවෝල්වර ගිනි අවි දෙකක් සමඟ ව්‍යාපාරිකයන් තිදෙනකු අද (06) මාතර , නාදුගල හා වෙහෙරහේන යන ප්‍රදේශ වලදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
ඒ අනුව දැනට රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරන එම අධිකරණයේ සේවය කළ බහු කාර්ය සංවර්ධන සේවකයන් තිදෙනාගෙන් හෙලි කර ගත් තොරතුරු අනුව එම ගිනි අවි සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
එක් රිවෝල්වරයක් විදේශීය රටක නිෂ්පාදනය කර ඇති බවත් , අනෙක් රිවෝල්වරය කොටස් එකතු කර මෙරට දී සාදා ගත් එකක් බවත් වාර්තා වේ .
සැකකාර බහු කාර්ය සංවර්ධන නිලධාරීන් තිදෙනා එම ගිනි අවි දෙක සැකකාර ව්‍යාපාරිකයන්ට රුපියල් එක් ලක්ෂ විසි දහසකට අලෙවි කර ඇති බවට මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.