බලන්ගොඩ පොලිස් වසමට අයත් අලුත්නුවර කුඩා කතරගම දේවාලයට අයත් ඉඩම්වල සහ ඒ අවට බලපත්‍ර යොදාගෙන කරන මැණික් පතල් නිසා ජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටී. ඒ අතරම එම දේවාලයේ බස්නායක නිලමේටද විවිධ වංචා සහ දූෂණද එල්ලවන අතර, දේවාලයේ ඉදිරියේ තිබු පුරාවිද්‍යාත්මක මුරගල් දෙකද විනාශ කර තිබේ.
මීට පෙරද එම ප්‍රදේශයේම වෙනත් ස්ථානවල පරිසරයට හානිදායක වන ලෙස මහාපරිමාණයෙන් සිදු කරන මැණික් පතල් ජාවාරම් ගැනද ප්‍රසිද්ධ මාද්‍ය වාර්තා කලද ඒවාට නිසි ලෙස නීතිය ක්‍රියාත්මක වී ඇති බවත් දක්නට නැත.
අලුත් නුවර උඩ අරාව මාර්ගයද වසා දමමින් “පතහක්” ( විශාල වලක්. කුඩා වලට පතල කියති) කපා තිබෙන අතර කුඩා කතරගම දේවාලය අවටද විනශ කාරී ලෙස පතල් හෑරීම් සිදු වේ. එසේම අලුත්නුවර දේවාලයේ මැණික් වෙන්දේසි සිදුවන්නේද හොර රහසේම බවද කියති.
මෑතක සිට රත්නපුර අවට පතල් කර්මාන්තය ජනතාවට මෙන්ම පරිසරයට හානි කර ලෙස සිදු වන අතර මේවා වැලැක්විය යුත්තේ සබරගමුව නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ සිට පහලට සියලු පොලිස් නිලදාරීන්ය. එහෙත් මෙම බලන්ගොඩ ප්‍රදේශය භාර එක්තරා උසස් පොලිස් නිලදාරියෙකු ද විවිද ස්ථානවල තිබෙන පතල් සදහා උදව් උපකාර කරන බවට සාක්ෂි අප සතුව තිබේ. මීට පෙර සිටි නියෝජ්‍ය පොලිස්පතිවරු මේවායේ වැටලීම් කලද මීට මාස කිහිපයකට පෙර සිට ඒවා නැවතී තිබේ. එයට හේතුව පොලිස් නිලදාරීන්ගේ යම් හිඟයක්ද යන්න අප නොදනී. එසේ නොමැතිනම් පාලනයේ වෙනසක් හෝ පහළ සිටින පොලිස් නිලධාරීන් සත්‍ය තොරතුරු නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ලබා නොදෙනවාද විය හැකිය. කෙසේ හෝ මාස කිහිපයක සිට උග්‍ර පාරිසරික විනාශයන් සිදු වෙමින් පවතී.
එම පොලිස් නිලදාරියා ඇතුළු කණ්ඩායමක් නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බවද නොරහසක් වන අතර නියෝජ්‍ය පොලිස්පතිවරයාටද කොලේ වසා මැණික් ජාවාරම්කරුවන්ට අවශ්‍ය ලෙස කටයුතු කිරීමට ඉඩ දෙන බවද නොරහසකි. එම නිලදාරියා මේ වනවිට සුවිසල් නිවසක්ද ඉදිකරමින් පවතී. කෙසේ වුවද රත්නපුර කිරිඇල්ල ප්‍රදේශයේ සිදුවන මහා පරිමාණ පතල් හෑරීම් පිටුපස දේශපාලන ඥාතීන් කිහිප දෙනෙකුද සිටී.
කෙසේ වුවත් වරදට අනුබල දෙන අදාළ නිලදාරීන්ගේ පෞද්ගලික දේවල් අපට අවශ්‍ය නැති වුවත් මහජනතාව පීඩාවට ලක්වන ස්ථානවලද පතල් හැරීමට ඉඩ ලබා දීම වරදකි. රත්නපුර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට අයත් බහුලවශයෙන් පතල් හැරීම සිදුවන ප්‍රදේශවල මේ වන විට දැවැන්ත පරිසර හානියක් සිදු වන අතර විවිධ ගංඟා හරස් කරමින් පවා සිදුකරන මහා පරිමාණ දූෂණ සහිත ජයාරූප සහ වීඩියෝ අප වෙත ලැබී තිබේ.
මහාමාර්ග පවා විනාශ කරමින්, මුදල් සෙවීමේ තරගයෙන් ඔබ දිනුවත් මරණයෙන් පසු ලොවක් ඔබට තිබුනොත් පීඩා විදීමට සිදුවන්නේ කෙසේදැයි ඔබගේ ආගම ඔබට උගන්වා ඇත. ඔබට මරනයකුත් , මරනිනේ පසු ඉපදීමකුත් ඇති බවටත් , මරණින් පසු ඉපදීම සිදුවන්නේ වැසිකිලි වලක කටු පනුවන් ලෙස විය හැකි බවද අප ඔබට මතක් කර දෙන්නෙමු .