තංගල්ල පොලිස් වසමේ මොරකැටිය ඉහළගොඩ ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට පොලීසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 30 ක් වූ තේනබදුගේ දසුන් ලංකා ප්රසාද් නම් අයෙකු බව ද පොලීසිය කියයි.
ඊයේ රාත්රී 11.30.ට පමණ මොහු පහර කෑමට ලක්ව ඇති බවට තොරතුරු ලැබී ඇති අතර තුවාල කරු රෝහල් ගත කරන විටත් මිය ගොස් තිබුණු බවටද පොලිස් ආරංචි මාර්ග සදහන් කර තිබේ.