පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මත්තේගොඩ ප්‍රදේශයේ අද (07) පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ,
” ලබන වසරේදී අනිවාර්යෙන්ම මැතිවරණයක් පැවැත්වෙනවා.එය ජනාධිපතිවරණයද මහ මැතිවරණයද කියලා දැම්ම කියන්න බෑ. නමුත් මැතිවරණයක් අනිවාර්යයෙන්ම ලබන වසරෙදි පැවැත්වෙනවා. ඒ සඳහා පොදු ජන පෙරමුණ සැලසුම් සහගත සූදානමකින් පසුවනවා. වැටුප් වැඩි කරනවනම් පළමුව වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ . පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කරන්නේ නම් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුත්තේ ඉන් අනතුරුවයි. “