ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් පිරිසක් විසින් අගවිනිසුරුවරයා වෙත යොමුකර තිබෙන ලිපියක් සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු නොකරන බවට කථානායකවරයා ඇතුළු වගඋත්තරකරුවන් විසින් දැනුම් දී ඇතැයි නීතිපතිවරයා අද (08) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන් බව වාර්තා වේ.
ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා උසස්වීම් ලැබීමට නියමිත උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ වෘත්තීය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් පිරිසක් විසින් අගවිනිසුරුවරයා වෙත එම ලිපිය යොමුකර තිබූ බව සදහන්.
නීතිපතිවරයා එය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ නීතිඥවරයෙකු විසින් ඉදිරිපත්කර තිබූ පෙත්සමක් සැලකිල්ලට ගත් අවස්ථාවේදීය.