දකුණු කොරියාවේ වෑද්දුම් අංශයේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් එක් කෝටි හැට පන් ලක්ෂයක මුදලක් වංචා කළ බව කියන කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරින් විසින් ඊයේ (08) දින අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කඳාන – නාගොඩ පදිංචිකාරිනියකි.
සැකකාර කාන්තාවට එරෙහිව පැමිණිලි 15ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට ලැබී ඇති අතර සැකකාරිය රුපියල් ලක්ෂ 05 සිට ලක්ෂ 15 දක්වා මුදලක් ලබා ගෙන ඇති බව හෙළිදරව් වී තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් සැකකාරිය සමඟ සුක්ෂ්ම ලෙස දුරකථන සම්බන්ධතා පවත්වා අනතුරුව ඇය කාර්යාංශය වෙත කැඳවා අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර දකුණු කොරියාවේ වෑද්දුම් අංශයේ රැකියා ලබා දීම සඳහා අවසර ලබා දී ඇත්තේ, රැකියා නියෝජිත ආයතන කිහිපයකට පමණක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර තිබේ .
අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවට එවැනි බලපත්රයක් නිකුත් කර තිබී නොමැති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරන අතර සැකකාරිය අද (09) මීගමුව මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .