අබුඩාබි සිට කටුනායක දක්වා අඩු වියදම් නව ගුවන් සේවයක් ආරම්භ කරමින් මංගල ගුවන් යානය ඊයේ(08) රාත්රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වේ .
මගීන් 158 දෙනෙකු සහ ගුවන් යානා කාර්ය මණ්ඩලය 08 දෙනෙකුගෙන් සමන්විත එයාර් ඇරැබියා ගුවන් සේවයේ 3 එල් – 197 දරණ යානය අබුඩාබි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
ඒ අනුව මෙම යානා සෑම බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනවල රාත්රී 08.00ට පැමිණෙන අතර යළි රාත්රී 08.30ට කටුනායකින් අබුඩාබි බලා පිටත්ව යාමට නියමිතව තිබේ .