ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රජාවන් මේ වන විට බිමටම සමතලා වීතිබේ. නමුත් දේශපාලන මෙන්ම ප්රමුඛ පෙලේ ව්‍යාපාරිකයන් පමණක් තවමත් තමන්ගේ ආර්ථිකය යහපත්ලෙස පවත්වාගෙන යයි. එවන් පසුබිමක් තුල පාසල් පද්ධතිය තුල මේ වන විට සිදුවෙමින් පවතින වැරදි පිළිබදව වාර්තා ගනණාවක් ඉදිරිපත් කිරීමට සකසා තිබේ. මේ එහි පළමුවැනි වාර්තාවයි.
පළමු වෙළුම
ශ්‍රී ලංකාවේ පාසල් දස දහසක් තිබුණද එම පාසල් විවිධ ක්‍රම වලට බෙදා දක්වා ඇත. එනම් ප්‍රධාන වශයෙන් ජාතික පාසල් සහ පළාත් සභා පාසල් වශයෙනි. මේවා කුමන ක්‍රමයට යටත් වුවද මේ සෑම පාසලකින්ම සිදු කෙරෙන්නේ අනාගත පරපුර නිර්මාණය කිරීමයි. එසේ නම් හෙට දින ලොව දිනන මෙම දරුවන්ගේ අනාගතය පැහැබර කිරීමට නම් අක්‍රමිකතා දූෂණ වලින් තොර පාසල් පද්ධතියක් මෙරට ස්ථාපනය විය යුතුය. එසේ නොමැති වන තාක් කල් සිදු වන්නේ මහා ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වීමයි.මෙහි භයානකම දෙය නම් පාසලෙන් බිහි වන ඇතැම් දරුවන් මෙන්ම දරුවන් නිසා අර්බුද වලය මුහුණ පා සිටින දෙමාපියන් පිරිස දිනෙන් දිනම ඉහළ යාමක් අපට වර්තමානයේ දක්නට ලැබීමයි.
බොහෝ විට පාසල් වල විදුහල්පති වරුන් දූෂිතය. එසේ නොමැති නම් දූෂිත විදුහල්පති වරුන් වටා සිටින ඇතැම් නියෝජ්‍ය විදුහල්පතිවරු මෙන්ම ඒවාට සහාය දක්වන ගුරුවරුන්ද දූෂිතය. එසේ නොමැති නම් ඇතැම් අවස්ථාවල එම ගුරු භවතුන් හා එක්ව කටයුතු කරන දූෂිත දෙමව්පියන් සිටින අවස්ථා අප දැක ඇත. සිය බලය රැක ගැනීම උදෙසා කටයුතු කරන මෙම නිලධාරීන් දෙමව්පියන් නිසා සමස්ත පාසල් පද්ධතියම අවුලෙන් අවුලට පත් වී ඇති බව පෙනෙන්නට තිබෙන කාරණාවකි.
පාසල් වල නිතර මුදල් එකතු කරති. එලෙස මුදල් එකතු කරන කාරණාවක් නිශ්චිතව නොමැති වුවද නොයෙක් කරුණු කියමින් මුදල් එකතු කරන අවස්ථා අප බොහෝ වේලාවට දැක ඇත. එසේ නම් මෙලෙස මුදල් එකතු කරන කාරණා වලදී මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම කිසි විටක දෙමව්පියන්ට කළ නොහැකිය. ඒ අය කෙසේ හෝ ණය ලබා ගෙන හෝ එම මුදල් පාසල් වෙත පිරිනමන්නේ තමාගේ දරුවා පිළිබදව සිතාය. මක්නිසාද යත් ප්‍රශ්න කිරීමට යාමේදී සිය දරුවා අපහසුතාවයට පත් වේ යැයි දැඩි වේදනාවෙන් දෙමව්පියන් තුළ පවතින නිසාය. එම අය පාසල වෙත මුදල් ලබා දුන්නද ඒවා නිසි පරිදි විගණනය වන්නේ ද යන්න අප හමුවේ පවතින ප්‍රධාන ගැටළුවකි.
එසේ නම් අප කළ යුත්තේ කුමක්ද යන්න පිළිබදව සිතා බැලිය යුතුය.එනම් රටක අධ්‍යාපනය නිදහස් විය යුතුය.එසේ නොමැති වූ විට සියල්ලම කඩා වැටීමට ලක්වනු ඇත. නමුත් දූෂිත කණ්ඩායම් නිල වශයෙන් යම් ආයතන වල අරක්ගෙන සිටීම මේ සෑම ගැටළුවකටම හේතු වී ඇත. එසේ නම් එම ආයතන වල දූෂිතයන් එළවා දැමීමේ ක්‍රමවේදයකට අප වහ වහා යා යුතුය. එය ඉතාමත් බරපතල කාරණාවකි. නමුත් අප එය කෙසේ හෝ කළ යුතුව ඇත.
විශේෂයෙන්ම පාසලක ප්‍රධානියා වන්නේ එම පාසලේ විදුහල්පතිවරයාය. අප ඉහතදී සදහන් කළ ආකාරයට ඇතැම් විදුහල්පති වරුන් සිදු කරන්නේ අනත් දූෂිත වැඩය. එනම් පාසල් වලට 1 වසරට ළමුන් බදවා ගැනීමේදී සිදු කරන ඇතැම් ක්‍රියා හරිම බරපතලය. එනම් පාසලකට යම් ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් බදවා ගැනීමට ඒමේදී ඒ අයගේ ආර්ථික ශක්තිය අනුව වැඩ පවරති. ඇතැම් අයගෙන් පාසල් සංවර්ධනය මුවාවෙන් ඉතා විශාල මුදල් ලබා ගන්නේ කිසිදු හිරිකිතයකින් තොරවය.ඇතැම් අය එම මුදල් අවභාවිතයේදී පාසලේ තවත් ගුරු භවතුන් කීප දෙනෙක්ද මේ සමග සම්බන්ධ කර ගනිමින් ඒ ඒ අයට උවමනා පරිදි විය පැහැදම් කරති.
මෙනිසා ඇතැම් විට පාසලේ ගුරු භවතුන් හා දෙමාපියන් අතර නොහොද නෝක්කාඩු ඇති වන බවක් අපට දක්නට ලැබේ.
කෙසේ වුවද මෙලෙස සිදු වන්නේ මහත් වූ ජාතික අපරාධයන්ය. නමුත් මේවාට මුහුණු දීම හැර අනෙකක් සිදු කිරීමට කාටවත් නොහැකි තත්ත්වයකට පත්ව ඇති මෙම වනවානුවෙහි මේවා හෙළිදරව් කර හෝ අසරණ මවුපියන්ට පිළිසරණක්