අධිකරණයට අපහාස කලේ යයි සදහන් කරමින් සුරංග මුතුකුඩ නමැති පුද්ගලයෙකු පසුගිය දිනෙක මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට නඩු පවරා තිබුණු අතර එය නිවේදනය කර තිබුණේ අධිකරණ අමාත්‍යාංශය නියෝජනය කරමිනි. එම පුද්ගලයා මීට දින දෙකකට පෙර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
චමුදිතට නඩු පැවරීම ඔහු විසින් දේව කන්නලව්වක් මගින් දෙවියන්ට කියා සිටියේ එම සිද්ධියේදී අධිකරණ අමාත්‍යවරයාද චමුදිතට එරෙහිව පෙනී සිටි නිසාය.
චමුදිතට එරෙහිව නඩු පැවරීමට හේතු වුයේ මහජන අර්ථසිද්ධි නඩුකරයක් පිළිබදව කුලියාපිටියේ දේපලක් සම්බන්ධයෙන් චමුදිත සිය යූ ටියුබ් නාලිකාව හරහා වැඩසටහනක් ප්‍රචාරය කිරීම හේතුවෙනි.
එම ගොඩනැගිල්ලේ අයිතිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව නිසා පාර්ශවකරුවන් සහ ප්‍රදේශවාසීන් විඳින කරදර එම වැඩ සටහන තුලින් ප්‍රචාරය විය.
මෙම වැඩසටහන ප්‍රචාරය වූ පසු සුරංග මුතුකුඩ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මාධ්‍යවේදී චමුදිතට එරෙහිව චෝදනා රාශියක්ද එල්ල කරන ලදී.
පසුගියදා වෙන්නන්පුව පොලිස් බල ප්‍රදේශයේදී සුරංග මුතුකුඩ විශේෂ පොලිස් කන්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය නොමග යැවීමට සැලසුම සහගත ලෙස ව්‍යාජ තොරතුරු ලබා දීමේ සිදුවීමක් මෙම අත් අඩංගුවට ගැනීමට හේතු වී ඇත .
රට තුල සිදුවන බොහෝ සිද්ධීන්වලට එරෙහිව නීතිය අවනීතිය වී, යුක්තිය අයුක්තිය වී ක්‍රියාත්මක වන බැවින්, අසාධාරණයට ලක්වන බොහෝ දෙනෙක් තමන්ට වු අසාධාරණය පිළිබදව දෙවියන්ට කියා සිටින බව දක්නට ලැබෙන අතර, ඒවාට දෙවියන් හෝ දඩුවම් දෙන බවක් ද දක්නට තිබේ.