සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ කොවිඩ් ආසාදනය වී මියයන බොහෝ පුද්ගලයින් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා නොගත් අය බවයි.
පසුගිය දින කිහිපය තුළ දී සිදුව ඇති කොවිඩ් මරණවලින් 99%ක් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින් බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ.
එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව සතුව එන්නත් මාත්‍රා මිලියන 08ක් පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
බිබිල රෝහලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ පිළිබඳ සඳහන් කර ඇත.