මිහින්තලය පුදබිමේ ආරක්ෂාව ඉවත් කර නැතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසූ බව වාර්තා වේ.
මිහින්තල පුදබිමේ ආරක්ෂාව භාරව සිටින්නේ ශ්‍රී ලංකා පොලීසිය බව කී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පොලිස් නිලධරයන් තිස්දෙනෙකු පමණ එහි ආරක්ෂාව භාරව කටයුතු කරන්නේ යැයිද කීය.
මිහින්තලයට ආරක්ෂාව පිළිබඳ අවශ්‍යතාවයක් වුවහොත් ඒ සඳහා හමුදාව යෙදවීමට හැකියාව තිබෙන බවද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
මිහින්තල පුදබිමට හමුදාව යොදවා සිටියේ ආරක්ෂාව සඳහා නොව වෙනත් වැඩ කටයුතු සඳහා බව කී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මිහින්තලයෙන් ඉවත් කරන ලද්දේ එම ආරක්ෂක හමුදා භටයන් 252 බවද සඳහන් කළේය.