බර වාහන සඳහා වසා දැමුණු බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ පාසල් බස් රථ සහ මගී ප්‍රවාහන බස් රථ ධාවනයට අවසර ලබාදුන් බවට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා ඇති බව වාර්තා වේ.
අයහපත් කාලගුණික තත්ත්වයත් සමග බදුල්ල – කොළඹ මාර්ගයේ කොටසක් බර වාහන ධාවනය සඳහා වසා දැමීමට ඊයේ පොලීසිය පියවර ගෙන තිබුණි.
කෙසේවෙතත්, එම මාර්ගයේ ධාවනය වන බර වාහන සඳහා විකල්ප මාර්ගයක් ලෙස ඇටම්පිටිය මාලිගාතැන්න හරහා බණ්ඩාරවෙල මාර්ගය භාවිත කළ හැකි බවට පොලිසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.