කිඹුලාඇලේ ගුණාගේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන “එළිසබෙත්” නැමති කාන්තාව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරී කණ්ඩායමක් විසින් ඊයේ (11) වැල්ලම්පිටිය පොලිස් වසමේ, මීතොටමුල්ල පාර, වැල්ලම්පිටිය යන ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට මාර්ගයේ දී වැටලීමක් සිදුකර ඇති අතර එහිදී 48 හැවිරිදි කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7ක් සහ විද්‍යුත් තරාදියක් සමග අත්අඩංගුවට ගෙන වැල්ලම්පිටිය පොලීසිය වෙත භාර දී තිබේ.