විශ්ව බුද්ධා නමින් හිමි නමක් ලෙස පෙනී සිටිමින් බුදු දහමටට අපහාස වන අයුරින් හැසිරුණු චීවරධාරියෙකු කලගෙඩිහේන ප්රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි වියේ පසුවූ චීවරධාරියෙකි.
සැකකාර චීවරධාරියා හෙට (13) කොළඹ මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි .