ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කරාතේ සංචිතයේ පුහුණුකරු ලෙස සේවය කරනා සැරයන්.එඩ්වඩ් ආර්.ජේ යන අයගේ ක්‍රියාකලාපය පිළිබදව තම අප්‍රසාදය පළකරන ලද ලිපියක් 2023 09 15 වැනි දින ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය විසින් ගුවන් හමුදාව වෙත යොමුකර තිබේ. ගුවන් හමුදාවේ කරාතේ සංචිතයේ සභාපති ගුවන් කොමදෝරු එම්. ඩි.ඒ.පී. සෙනෙවිරත්න මහතා වෙත එම ලිපිය යොමුකර තිබේ.
මෙම පුහුණුකරු පිළිබදව අප මිට පෙරද ලිපියක් පලකල අතර ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් විජේසිංහ මහතා අප ආයතන හිමිකරු සමග ප්‍රකාශ කර තිබුනේ ඒ සදහා ගුවන් හමුදාධිපති උදේනි රාජපක්ෂ මහතාගේ නියමයෙන් විමර්ශනයක් පවත්වන බවයි.
ඒ අතර ගුවන් හමුදා කරාතේ සංචිතයේ ලේඛම් බව කියන ගෘෘප් කැප්ටන් අමරසිංහ නැමැත්තෙකු ඊයේ (12) කරාතේ සංචිතයේ ක්‍රීඩකයන් කැදවා ඔවුන්ට දොස් තබා තිබේ. එසේම මෙම පුහුණුකරු හොදබව ප්‍රකාශ කරමින් ලිඛිතව ප්‍රකාශ ලබා දෙන ලෙසද ඔහු නියෝග කල බවට තහවුරු කිරීමට අවශ්‍ය සාක්ෂි අප වෙත ලැබී තිබේ. අප පළමු ලිපියෙන් අනාවරණය කල පරිදි සත්‍ය යට ගසා අසත්‍ය, සත්‍ය බවට පෙන්වීමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක වුයේ අප පළමු අනාවරණය සිදුකල දිනයේමය.
මෙම පුහුණුකරුට විනය විරෝධී ක්‍රියා සිදුකිරීමට ආධාර අනුබල දී තිබෙන්නේ ගුවන් හමුදාවම විනාශ කිරීමට කටයුතු කල දුෂිත නිළධාරින්මය. විනයක් නැති හමුදා භටයෙක් නිර්මාණය කිරීමට රටේ පුරවැසියන් වැටුප් ගෙවන්නේ නැත. විනයක් , නිසි පුහුණුවක් නැති පුද්ගලයෙක් හමුදා භටයෙක් හෝ නිලධාරියෙක් ලෙස සිටීමෙන්ම සිදුවන්නේ එම ආයතනයට හානියක් පමණි. නමුත් දිගින් දිගටම සිදුව තිබෙන්නේ තම දූ දරුවන් වෙනුවෙන් කරාතේ පුහුනුකිරීමට අවශ්‍ය උපකාර මෙම ගුවන් හමුදා සැරයන්වරයාගෙන් ලබා ගත් නිලධාරින් ඔහු වෙනුවෙන් පෙනී සිටීමයි. විනයක්, තත්වයක් නැති පුද්ගලයෙක්ට පුහුණුවක් නොමැතිව බලයක්, තනතුරක් ලබා දීම “කටුස්සාගේ කරේ රත්තරන් බැදීමකට” එහා ගොස් මහජනතාවගේ ආයතනය පිරිහීමට ලක් වේ.
මෙම ලේඛම්වරයා පිළිබදව සොයා බැලීමේදී අපට වාර්තා වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග හිතවත් හිමිනමක් ඔහුගේ ලගම ඥාතියෙකු බවත්, එම හිමි නම මෙම ගෘෘප් කැප්ටන්වරයා වෙනුවෙන් හිටපු හමුදාපතිවරුන්ටද බලපෑම් කර තිබෙන බවත්, එම හිමිට බියේ සමහර උසස් ගුවන් හමුදා නිලධාරීන්ගේ කොදු ක්‍රියාත්මක නොවන බවත්ය. එසේම කරාතේ පුහුණුකරු සමග ඔහුගේ තිබෙන සමීප ඇසුර පිළිබදවද තොරතුරු රාශියක් අප වෙත ලැබෙමින් පවතී. උදාහරණයක් ලෙස ඔහුට වාහනයක් ගැනීම සදහා ඇප අත්සන් කර තිබෙන්නේද ගුවන් හමුදාවේම උසස් නිලධාරියෙක් බවටද තොරතුරු ලැබී තිබුනත් එය තවමත් අපට තහවුරුකරගැනීමට නොහැකි විය. ඒවා සියල්ලම ඉදිරියේදී පලකිරීමට අප කටයුතු කරනු ඇත.
එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම භාවිතා කරමින් එම හිමිනම සිදුකර තිබෙන විවිධ බලපෑම් ද අප වෙත ලැබී තිබේ. ඒවා සිදුව තිබෙන්නේ අද ඊයේ නොව අවුරුදු ගණනාවකම තොරතුරු ලැබී තිබේ.
ඒ අනුව ගුවන් හමුදා කරාතේ සංචිතයේ ලේඛම්වරයාව සිටිමින් මෙම නිලධාරියාද සිදුකල බොහෝ තොරතුරු අප සතුව තිබෙන නමුත්, පළමු ලිපියෙන් අප බලාපොරොත්තු වුයේ සාධාරණ විමර්ශනයක් බැවින් ඔහුගේ චරිත විස්තරය ලිවීමට අපට අවශ්‍යතාවයක් තිබුනේ නැත. නමුත් එම සියල්ලද සමාජගත කිරීමට අපට සිදුවෙන බව , ඔහුගේ ඊයේ හැසිරීමෙන් ම පෙනී ගොස් තිබේ.
ගුවන් හමුදා නිලධාරීන්ට රටේ ජනතාව වැටුප් ගෙවනුයේ තම අභිමතයට අනුව කටයුතු කිරීමට නොවේ. ඔවුන් මහජනතාවගේ ආරක්ෂකයෝය. එබැවින් ජනතාව ද ඔවුන්ට දැඩි සේ ආදරය කරති. නමුත් ගුවන් හමුදාවට අපකීර්තියක් වන ලෙස කටයුතු කරන දුෂිත නිලදාරීන් මෙන්ම සාමාන්‍ය භටයන්ද නිසි ලෙස හදුනාගෙන ඔවුන්ට එරෙහිව කටයුතු නොකිරීමෙන් සිදුවන්නේ දිගින් දිගටම අපට මේවා ලිවීමටය.
එබැවින් අප නැවතත් මෙම කරුණු ගුවන් හමුදාපතිවරයාගේ දැඩි අවධානයට යොමුකරනුයේ කරාතේ සංචිතයේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින ප්‍රශ්න සෙවීම සදහා විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙසය. එසේම එම පරීක්ෂණයේ අවශ්‍ය වන වින්ධිතයන් සහ එම පරීක්ෂණයේ සාක්ෂිකරුවන්ට බලපෑම් කරනා විනයක් හෝ නීතියක් නොදත්, ජනාධිපතිවරයාටද අපකීර්තියක් වන ලෙස හැසිරෙන, සංචිතයේ ලේඛම් බව කියවෙන ගෘෘප් කැප්ටන් අමරසිංහ නැමැත්තාද එම තනතුරෙන් ඉවත් කර වහාම විමර්ශනයක් ආරම්භ කරනා ලෙසයි.
එසේම එම විමර්ශනය දැඩි සාධාරණ විමර්ශනයක් විය යුතු බවටද පෙන්වා දෙන අතර, ඉදිරියේදී මෙම සිද්ධිය පිළිබදව වින්ධිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙත පැමිණිලිකිරීමට ද අවශ්‍ය කටයුතු සිවිල් සංවිධානයක් විසින් සිදුකරමින් පවතින බවටද අපට තොරතුරු ලැබෙමින් පවතී. රටේ නීතිය නොදත් බොහෝ හමුදා නායකයන් නොදන්නා ප්‍රධානතම කරුණක් වන්නේද, සියලුම හමුදා සාමාජිකයන් රටේ පවතින පොදු නීතියට යටත් බවයි. එසේම තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම මෙය පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කිරීමටද කටයුතු සිදුකරමින් තිබේ. ඒවා එසේ වීම ගුවන් හමුදාවේ වත්මන් පරිපාලනයේ ප්‍රධානියා වන ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ මහතාගේ කීර්ති නාමයටද දැඩි හානියක් විය හැකිය. එසේම මෙම දුෂිත ක්‍රියාකලාපයන් සිදුවන්නේ ගුවන් හමුදාධිපතිවරු ගණනාවක් යටතේ වන අතර නිළධාරීන් දිගින් දිගටම සිදුකලේ එම ක්‍රියාවන් වසා දමා ගුවන් හමුදාධිපතිවරුන් නොමග යැවීමයි.
අදාළ ලිපිය පහතින් දැක්වේ
https://drive.google.com/file/d/1TWMhnmVAxqJMqOg5oQb_9Olw2WzKk5Nq/view?usp=drive_link