අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් උඩවලව වේල්ල හරහා මාර්ගය වසා දැමීමට තීරණය කර තිබේ.
දෙසැම්බර් 15 වනදා සිට ජනවාරි 15 වනදා දක්වා අදියර කීපයක් ඔස්සේ එම මාර්ගය වසා දැමෙන බවට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව දෙසැම්බර් 15 දින සිට දෙසැම්බර් 22 දින දක්වා ඉහත මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමෙන අතර, දෙසැම්බර් 23 දින සිට ජනවාරි 06 දින දක්වා එක් මං තීරුවක් වසා දැමේ.
එමෙන්ම ජනවාරි 07 සිට ජනවාරි 14 දින දක්වා ද මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමෙන බවත්, ජනවාරි 15 දින සම්පූර්ණයෙන්ම නැවත මාර්ගය ගමනාගමනය සඳහා විවෘත කරනු ලැබේ.
මාර්ගය වසා දැමෙන කාලසීමාව තුල විකල්ප මාර්ග ලෙස උඩවලව, ඇඹිලිපිටිය හරහා 13වන කණුව දක්වා වන මාර්ගය භාවිතා කළ හැකි බව සදහන්.