පාසල් දරුවන්ට අභ්‍යාස පොත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් සහන මිල ගණන් යටතේ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවට ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
අද (13) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
පාසල්වල විදුහල්පතිවරුන්ට එම ඇණවුම් ඉදිරිපත් කළ හැකි බවටද ඔහු සඳහන් කර තිබේ.
රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මුලසුනේ අවසර ඇතිව ප්‍රකාශයක් සිදු කරමිනි.