කොළඹ ජාතික අක්ෂි රෝහල තුළ අද (14) දිනයේ සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කරන ලද්දේ අක්ෂි රෝහලේ ප්‍රධාන පරිපාලකවරයාගේ විෂමාචාර ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් බලධාරීන් විසින් මෙතෙක් කිසිදු පියවර නොගැනීමට එරෙහිව වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව අද (14) පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ අක්ෂි රෝහල තුළ වර්ජනය ක්‍රියාත්මක කරන බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කරන ලදී .
එමෙන්ම අද (14) දිනය තුළ මෙම ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කරන ලදී .