ඇඹිලිපිටියේ පනහඩුව මීගහයාය ප්‍රදේශයේ බලහත්කාරයෙන් ඉඩම් ලබා ගැනීමක් සහ සිදුකරනු ලබන පරිසර විනාශයක් පිළිබඳව සිරස tv ඇතුළු ප්‍රධාන නාලිකා කිහිපයක සහ ලංකාදීප, අද වැනි පුවත් පත් මගින්ද වාර්තා කරන ලදී.
මේ සිද්දිය මෙහෙයවන ප්‍රදේශයේ රාජ්‍ය පරිපාලනය සහ සම්බන්ද ලේඛ්ම්වරයෙක් සහ හිමිනමක්, ගම් වාසීන් කිහිප දෙනෙකු සමග බලහත්කාරයෙන් ඉඩම් අල්ලාගෙන මාර්ග ඉදිකිරීම් කරන පුද්ගලයන් සමග එකතුවී මේ සිද්දියට විරුද්ද ගම්වාසීන් සියලුම දෙනා සමග ආරවුලක් ඇති කිරීමට කුමන්ත්‍රණයක් කරන බව ගම් වාසීන් ප්‍රකාශ කරයි.
ගම් වාසීන් තිදෙනෙකු පමණ මේ ලේඛම්වරයා සමග ඊයේ සහ පෙරේදා (14,15) සාකච්චා පවත්වා ගම් වාසීන්ට ගැටළු තිබේනම් සාකච්ඡාවකට පැමිණෙන ලෙස මෙම අපරාධයට මුල පුරා ඇති පුද්ගලයන් හරහා පණිවිඩ ඒවා තිබෙන බවද, නවතා තිබු වැඩ බලහත්කාරයෙන් ආරම්බ කරන බව මාර්ගය ඉදිකරන්නන් සහ ගම් වැසි තිදෙනා ප්‍රකාශ කල බවද ඔවුන් සදහන් කරයි.
කොහොම උනත් මේ ලේඛම්වරයා මෙසේ කූට උපක්‍රම භාවිතා කරන්නෙක් බවද, ඔහුගේ වංචා දූෂණ සහ අක්‍රමිකතා විශාල ප්‍රමාණයක් අප සතු වන අතර අදාළ හිමිනමටද හිමිනමටද විවිද චෝදනා රාශියක් එල්ල වී තිබේ. මෙම ගල්බෝක්කයාය කදු වැටිය අදාළ සමාගමට ලබා දීමට වනජීවී දෙපාර්තමේන්තුව සමග සාකච්චා කල බවද ඔවුන්ට විවිද බලපෑම් කල බවද වනජීවී නිලදාරියෙක් අප සමග පවසන ලදී.
කෙසේ වුවද මේ වන විට පිළිගත් සංවිධාන ගණනාවක් මෙන්ම මාද්‍ය ආයතනද මේ සිද්දිය පිලිබදව අවදානයෙන් සිටින අතර රජයෙන් වැටුප් ලබන රාජ්‍ය නිලදාරීන් මෙසේ කටයුතු කරන්නේ නම් ජනතාවගේ ප්‍රශ්න විසදන්නේ කවුද?. කෙසේ වුවද මේ ප්රශ්නය නවතා දැමීමට අවශ්‍ය කටයුතු සිදු නොවුනහොත් විශාල ගැටුමකට ඉඩ තිබෙන බව අප මෙසේ අවදාරණය කරන්නේ අදාළ රාජ්‍ය ආයතන සහ ආරක්ෂක අංශ වෙතයි.
අප මීට පෙර වාර්තා කල ඒ හා සබැඳි පුවත