මාස තුනකට පෙර ගෙන්වන ලද මිනිසුන්ගේ පරිභෝජනයට නුසුදුසු ලොකු ළූණු 20,000Kg අධික ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කිරීමට සූදානමින් සිටියදී සොයාගෙන ඇත.
ඒ ඊයේ (13) මහජන පරීක්ෂකවරුන්ට ලද තොරතුරකට අනුව සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ භාණ්ඩ රඳවා තැබීමේ මධ්‍යස්ථානය පරීක්ෂා කළ අවස්ථාවකදීය.
එහිදී ලොකු ළූණු බහාලුම් 3ක සඟවා තිබිය දී සොයාගෙන ඇති අතර මේ වන විට වෙළඳපොළේ ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 500ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වාර්තා වන පරිදි ඉන්දියාවෙන් ගෙන්වන ලද ලොකු ළූණු තොග ආනයන අත්හිටුවා ඇති බවට පළ වූ පුවත් සමඟ විදේශීය රටවලින් ගෙන්වා ගබඩා කර තිබුණු ලොකු ළූණු ව්‍යාපාරිකයන් විසින් මිළ ඉහළ නංවා වෙළඳපොළට මුදා හැර ඇති බව සඳහන් වේ.