බිත්තර මිල ශීඝ්රයෙන් ඉහළ යාම හේතුවෙන් හැටන් හා ඒ ආශ්රිත ප්රදේශයන් වල බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවකට පත්වී ඇත.
මෙම ප්රදේශයන් තුළ රතු බිත්තරයක මිල රුපියල් 53-55 ත් අතරද සුදු බිත්තරයක මිල රුපියල් 52-54 ත් දක්වාද ඉහළ ගොස් ඇති බවට මෙම ප්රදේශයේ ජනතාව මැසිවිලි නගයි.
තවද පසුගිය කාලයේ බිත්තරයක මිල රුපියල් 40-42 ත් අතර පහළ මට්ටමක තිබුණද නැවත බිත්තර මිල ඉහළ යාම හේතුවෙන් ආහාර සදහා බිත්තර මිළදී ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව පාරිභෝගික ජනතාව පවසයි.
මෙම පවතින තත්ත්වය පිලිබද වෙළදුන්ගෙන් කළ විමසීමකදී ඔවුන් පවසා සිටියේ පසුගිය කාලවලදී බිත්තර තොග මිල පහළ ගොස් තිබුණද මේ වන විට බිත්තර තොග මිල ඉහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවයි .
එසේම ඉදිරි කාලයේදී තවදුරටත් බිත්තර මිල ඉහළ යාමේ අවදානමක් ඇති බවත් මෙම තත්ත්වය මත පාරිභෝගිකයින්ට පමණක් නොව තමන්ටද විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවන බව වෙළද ප්රජාව තවදුරටත් ප්රකාශ කරන ලදී .