නවම්පුර පසලොස්වක පොහෝ දිනය අද (16) දිනට යෙදී ඇත.
අප මහ ලොව්තුරු බුදුන් වහන්සේගේ සමයෙහි විශේෂ සිදුවීම් රාශියක් සිදුවූයේ අද වන් පුන්පොහෝ දිනකය.
සැරියුත්, මුගලන් දෙනමට අග්‍රශාවක තනතුරු පිරිනැමීම ඒ අතුරු ප්‍රධාන තැනක් ගනු ලබයි.
එමෙන්ම ප්‍රථම සංඝ සන්නිපාතය සිදුවීම, ඕවාද ප්රාතිමෝක්ෂය මහා සංඝයාට දේශනා කිරීම, බුදුන්වහන්සේ පිරිනිවන්පෑමට තෙමසකට පෙර ආයු සංස්කාරය අතහැරීමට ඉටා ගැනීම බුදුන් වහන්සේ විසින් ප්‍රකාශයට පත් කිරීම ආදී පුණ්‍ය කරුණු රාශියක් ද අදවන් පුර පසෙලොස්වක පොහෝදීනක සිදුව ඇත.