එළැඹෙන නව වසරේ ජනවාරි 1 සිට 15% පවතින වැට් බද්ද 18% දක්වා ඉහළ දැමෙන නිසාවෙන් බොහෝ භාණ්ඩ හා සේවා හී මිල ගණන් ඉහළ දැමීම දැනටමත් සිදුවෙමින් පවතින අතර ඒ අනුව ජංගම දුරකථන හා ඒ ආශ්රිත උපාංග මිල සීඝ්‍ර ලෙස මේ වන විටත් ඉහළ යමින් පවතීයි. අද වන විට ජංගම දුරකථන හා ඒ ආශ්රිත උපාංග ජනතාවගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ වී තිබේ .
මේ අතරට ජංගම දුරකථන , හෙඩ්සෙට්, චාජර් , බැටරි, ටැබ් පරිගණක ආදී සියලු දේවල් හී මිල ගණන් නියාමනකින් හෝ පාලනයකින් තොරවම වෙළඳපොළේ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ .
ජනවාරි මස සිට මෙම උපාංග මිල කෙතරම් වේගයෙන් ඉහළ යයි දැයි වෙළඳුන්ටද සිතා ගත නොහැකි බවද වාර්තා වේ.
එමෙන්ම වෙළඳුන් පවසන්නේ ඉදිරියේදි ජංගම දුරකථන මිලදී ගැනීමක් සිදු නොවන බවත් , කැඩුණු උපාංග සකසා භාවිතා කිරීමට පාරිභෝගිකයන්ට සිදුවනු ඇති බවත් ය.