ආනයනික බිත්තර මිලියන 10ක් අද (18) සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත අදාළ බිත්තර තොගය අද සිට ලංකා සතොස ආයතනය වෙත බෙදාහැරීමට නියමිත බවට රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සඳහන් කර තිබේ.
ඒ අනුව කිසිදු හිගයකින් තොරව සතොස අලෙවිසැල් ජාලය හරහා උත්සව සමයේ දී ජනතාවට බිත්තර මිලදී ගැනීමට හැකිවනු ඇති බව සඳහන්.
මේ අතර තවත් ආනයනික බිත්තර මිලියන 15ක් මෙරටට රැගෙන ඒමට නියමිත අතර එම තොග, තත්ත්ව පරීක්ෂණ කටයුතු සඳහා කඩිනමින් යොමු කිරීමට පියවර ගන්නා බවට රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.
අදාළ පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව එම බිත්තර තොග ද සතොස අලෙවිසල් ජාලයෙන් මෙන්ම තෝරාගත් සුපිරි වෙළෙඳසල් කිහිපයක් සඳහා බෙදා හැරීමට නියමිත ව තිබේ.
පසුගිය කාලය තුළ දේශීය බිත්තර නිෂ්පාදකයින් අවස්ථා කිහිපයක දී බිත්තර මිල ඉහළ දැමීමට පියවර ගැනීමත් සමග පාරිභෝගිකයින් පීඩාවට පත්වීම වැලැක්වීමේ අරමුණින් රජය ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් බිත්තර ආනයනය නතර කරන බවට රජය ප්‍රකාශ කිරීමත් සමග යළිත් වරක් දේශීය බිත්තරයක මිල ගණන් රුපියල් 55ත් 65ත් දක්වා ඉහළ ගිය අතර පවතින තත්ත්වය තුළ යළිත් වරක් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.
පාරිභෝගිකයින් අපහසුතාවට පත්වීම වැළැක්වීම වෙනුවෙන් අදියර කිහිපයක් යටතේ ඉදිරියේ දී ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පියවර ගන්නා බවට වෙළෙඳ අමාත්‍යංශය සඳහන් කරන ලදි.