- ණය මුදල ලක්ෂ 19 යි. පොලිය ලක්ෂ 15 යි. මුළු මුදල ලක්ෂ 35 ට වැඩි !
- අනෙක් ණය මුදල ලක්ෂ 17 යි. පොලිය ලක්ෂ 13 යි. මුළු මුදල ලක්ෂ 31 යි !
- මට ගෙවන්න පුළුවන් මාසෙකට 30000 යි. බැංකුව 140000 ක් ඉල්ලයි !
- ගෙවන්න බැරි නම් ඉඩමයි, නිවසයි බැංකුවට ඉල්ලයි !
- ළමයි සහ බිරිදත් නිවසින් සහ ඉඩමෙන් නෙරපාහරින්නැයි උසාවියෙන් ඉල්ලයි !
රජයට අයත් මහජනතාවගේ බැංකුවක් වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් පීඩිත මිනිසුන්, විවිධ නීතිවිරෝධී මාර්ගවලින් දිගින් දිගටම පීඩනයට ලක් කරමින් සිටින බව අපට වාර්තා වී තිබේ. අප මීට පෙර එවැනි එක පුවතක් ගෙන පොදුවේ ලිපියක් ඉදිරිපත් කර තිබෙන අතර එම පුවතින් පසු ලංකාව පුරාම විහිදී තිබෙන ප්‍රාදේශීය සංවර්ධන බැංකුවලින් ණය පහසුකම් රැගෙන ඒවාට සහන නොදී ජනතාව පීඩාවට පත්කරන මෙන්ම තවත් විවිධ අයුරින් ජනතාව පීඩාවට ලක්කරනා කටයුතු පිළිබදව ලිපි සහ ලේඛන සහිත ගොනු 23 ක් පමණ ලැබී තිබේ.
රත්නපුර , ගොඩකවෙල පිහිටි ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට එරෙහිවද තොරතුරු ගණනාවක් ලැබී තිබේ. ඉන් එකක් පිළිබඳව එම බැංකුවට එරෙහිව ණය සහන මණ්ඩලයට පැමිණිලිකර තිබේ. එය සැකෙවින් මෙසේය.
පල්ලෙබැද්ද යපල් ආරේ පදිංචි උදේනි සුසන්ත ලියනාරච්චි නමැති අයෙකු මෙම බැංකුවෙන් ණය පහසුකම් ලබාගෙන තිබෙන්නේ කොටස් වශයෙන් ගෙවීමටය. නමුත් 2019 පාස්කු ප්‍රහාරය නිසා සියලුම ආදායම් මාර්ග අහිමිව තිබේ. එබැවින්, එම ණය ගෙවීමට සහ අනෙකුත් කටයුතු කරගැනීමට අවශ්‍ය ආර්ථිකය ස්තාවර කරගැනීම වෙනුවෙන් ඔහු විදේශගතව තිබේ. එහිදී කොරෝනා රැල්ලට හසුවීම නිසා අවුරුදු එක හමාරකට ආසන්න කාලයක් කිසිදු රැකියාවක් කරගැනීමට නොහැකිව විදේශයේ සිරවී සිට ඇති බැවින් පසුව ඥාතීන් විසින් ඔහුව ලංකාවට ගෙන්වාගෙන තිබේ. එහි සිටි කාලය තුල කිසිඳු රැකියාවක් සිදුකර නැත.
රටේ පවතින මෙම ආර්ථික ගැටලුවට වගකිව යුත්තේ කවුරුන්ද යන්න මේ වන විට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර අවසන්ය. කෙසේ නමුත් ඔහුගේ ණය මුදල් දෙකම ගෙවීමට ඔහුට නොහැකිව තිබේ. ණය මුදලක් ලබා දීමට පෙර ඔහුට ගෙවීමට හැකියාව තිබේද යන්න නිසි ලෙස සොයා බලා එය ලබා දීම බැංකුවේ වගකීම වේ. එසේ නොකර මෙම පුද්ගලයාට ණය දෙකක්ම ලබා දීමට තරම් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සටකපට වී තිබේ.
ඔහුගේ ලබාගෙන තිබෙන ණය මුදල් දෙකේම ගෙවීමට ඉතිරිව තිබෙන මුදල වන්නේ 3764651.04 කි. ඒ 2022 ජුලි මාසයටය. ඒ වෙනුවෙන් ගෙවීමට තිබෙන පොලි මුදල වන්නේ 2920103.05 කි. ගෙවීමට තිබෙන මුළු මුදල වන්නේ 6694717.10 කි. මෙම ණයකරු කෙසේ හෝ මාසෙකට රුපියල් 30000.00 ක මුදලක් ගෙවීමට එකගව තිබෙන නමුත් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව එයට එකගව නැත. ඔවුන්ගේ ඉල්ලීම වී තිබෙන්නේ මාසෙකට රුපියල් 140000 ක මුදලක් ගෙවන ලෙසයි.
කෙසේ නමුත් මෙම සිදුවීම පිළිබදව ණය සහන මණ්ඩලයට පැමිණිලිකර තිබෙන අතර මෙම ණයකරු, දරුවන් සහ බිරිද නිවසින් නෙරපා හැර දේපල බැංකුවට අත් පත්කරගැනීම සදහා නඩුද පවරා තිබේ. බැංකුවල මෙවැනි කටයුතු නිසාවෙන් ඉදිරියේදී මිනිසුන් බැංකුවලින් ණය නොගනු ඇත. අප මහජනතාව දිරිමත් කරන්නේද ණය නොගෙන සිටින ලෙසයි.
ජනතාව බිලි දි රටේ බැංකු නිලධාරීන්ට සැප දීම සදහා මෙම ණය ක්රමයන් ස්ථාපනය කරන්නේ මහින්ද රාජපක්ෂ යුගයේදීය. රට පිට රටට විකුණු පාලකයන්, රටේ මිනිස්සුන්ගේ දේපල බැංකුවලට උගස්කර ණයවලට හිර කළේය. ඒ වෙනුවෙන් ජනතාව දිරිමත් කළේය. එහිදී ජනතාව කබලෙන් ලිපට වැටී, මේ වන විට පිච්චෙමින් සිටි. ජනතාවගේ ගින්දරින් බැංකු නිලධාරින් තවමත් සැප විදිමින් සිටියත්, පීඩිත මිනිසුන්ට හැකි ලෙස තම ණය ගෙවාගෙන යාමට අවශ්‍ය කටයුතු කරනවා වෙනුවට, ඔවුන් දිගට හරහට ජනතාවට නඩු පවරමින් සිටි. ඉන් සිදුවන්නේ ඔවුන්ට නීතිවේදීන්ට ද ගෙවීමටය.
ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කටයුතුවලදී මිනිසුන් දෙස සානුකම්පිතව බැලිය යුත්තේ ඒවායේ සේවය කරනා සේවකයන්ය. මෙරට ජනතාවගේ නොහොත් ඔවුන්ගේ නයකරුවන්ගේ වේදනාව ඔවුන්ට දැනෙන්නට මාර්ගයක් නැත. ඒ ඔවුන්ට අසීමිත වැටුපක් ලැබෙන බැවිනි. ඔවුන් එම වැටුප් ලබන්නේ ණය ලබා දී ලබා ගන්නා පොලි මුදලෙනි. මහජනතාව කට්ට කාලා ගෙවන පොලි මුදලින් නඩත්තුවන ප්‍රාදේශීය සංවර්ධන බැංකු සේවයේ ඉහල නිලධාරීන් කටයුතු කල යුත්තේ, මහජනතාවගේ හිත සුව පිණිසය. රටේ මිනිස්සු ණය වී, හිර වී සිටින්නේ නම්, බැංකු විසින් පවරන සෑම නඩුවකටම ආර්ථික ඝාතකයන්ගේ නම් ලැයිස්තුවද චුදිතයන් ලෙස ඇතුලත් කළ යුතුය.
ජනතාව බැංකුවලින් ණය ලබාගත්තේ නම් ගෙවිය යුතුය. අප බැංකුවට එරෙහිව කුමක් ලීවත් එම ස්ථාවරයේ සිටි. නමුත් බැංකුව විසින්ම වැරදි සිදුකර,එය ණයකරුවන්ගේ සහ ඇප කරුවන්ගේ පිටින් තැබීම බැංකුව විසින් කරන වරදකි. එසේම තමන්ගේ ණයකරුවන්ට ගෙවාගත හැකි ලෙස සහන ලබා දීමටද බැංකුව මානුෂීය විය යුතුය. තවද, ඔවුන්ට ගෙවිය හැකි ලෙස උපරිම සහනයන් සලසා ඔවුන්ට ගෙවිය හැකි මුදල් බැංකුවට ලබා ගැනීමටද ඔවුන් බුද්ධිමත් විය යුතුය. ණය ලබාගෙන නොගෙවා සිටීමට සාධාරණ හේතු ඕනා තරම් තිබෙන අතර රට මේ තත්වයට පත්වී තිබීම හේතුවෙන් මිනිසුන්ට ණය ගෙවීමට තියා වේලක් කෑමටවත් සොයාගත නොහැකි බව ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නිලධාරීන්ගේ ඔලුවට පොඩ්ඩක් හෝ දැනිය යුතුය. කෙසේ වුවත් එසේ දැනෙන්නට ක්‍රමයක් ඔවුන්ට නැත්තේ, අසීමිත වැටුපක් ලබනා ධානපති ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන් ගණයට ඔවුන් වැටෙන නිසාය.
ඒ සියල්ලම දෙස මුදලාලි දෑසින් නොව මානුෂීය දෑසින් බැලීමට තරම් ඔවුන්ගේ මොළගෙඩි ශෝධනය විය යුතුය. බොහෝ බැංකුවලින් මෙන්ම මුදල් සමාගම් වලින්ද මේ වන විටත් ණයකරුවන්ට එරෙහිව විවිධ නීතිවිරෝදී බලපෑම් එල්ලවෙමින් පවතී. ඒවා සියල්ලම ජනගත කර මහජන සුභ සිද්ධිය වෙනුවෙන් අවශ්‍ය මාර්ගය පෙන්වීම අප විසින් දිගින් දිගටම සිදුකරනු ඇත. ණය ගෙන අමාරුවේ වැටුණු සියලුම මහජනතාව දැන් කල යුත්තේ ණය ලබා නොගන්නා පරපුරක් නිර්මාණය කිරීමයි.
ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට අදාළ ඊ ලඟ ලිපිය – බැංකු නිළධාරීන්ගේ තර්ජනය කිරීමක් – ප්‍රදේශය කුරුණෑගල