අමෙරිකාවේ HIV ආසාදිතව සිටි කාන්තවක් ඉන් සුවය ලබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එම කාන්තාවට ප්‍රාථමික සෛල බද්ධ කිරීමකින් අනතුරුව මෙසේ සුවය ලබා ඇති බව සඳහන් වේ.
එම කාන්තාව වයස අවුරුදු 64 වියෙහි පසු වූ අතර ඇට මිදුළුවල රුධිරය නිපදවන සෛල ආශ්‍රිතව හටගන්නා ඇකියුට් මයලොයිඩ් ලියුකේමියාවටත් ඇය ගොදුරුව සිට ඇත.
එම රෝගී තත්ත්වයට ප්‍රතිකාර වශයෙන් පරිත්‍යාගශීලියෙකුගේ පෙකණිවැලෙන් ලබාගත් රුධිර සෛල ඇයට බද්ධ කර ඇත.
එහි දී එම පරිත්‍යාගශීලියාගේ රුධිර සෛල HIV වෛරසයට ස්වභාවිකවම ප්‍රතිරෝධයක් දක්වන බව සඳහන් වේ.
මෙම ප්‍රතිකාරයෙන් අනතුරුව එම කාන්තාවට HIV ආසාදන තත්ත්වයෙන් ද සුවය ලබා ගැනීමට හැකියාව ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වූයේ ඇයට HIV සඳහා ලබාදෙන ඇන්ටිරෙට්රොවයිරල් තෙරපි වැනි ප්‍රතිකාර ලබාදීමේ ද අවශ්‍යතාවයක් නොවූ බවයි.