පිටකොටුව තොග වෙළෙඳපොලේ ඊයේ (20) දිනයේ දී ලොකු ලූණූ කිලෝවක මිල රුපියල් 520ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මේ අනුව, ඉදිරි දිනවලදී ලොකු ලූණූ කිලෝවක සිල්ලර මිල රුපියල් 700 ද ඉක්මවා යනු ඇතැයි වෙළෙන්දෝ කියා සිටිති.
ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ආනයනය කරන ලද ලොකු ලූණූ මිල ගණන් මෙලෙස ඉහළ ගොස් තිබේ.
දේශීය ලොකු ලූණූ තොග වෙළෙඳපොළේ නොතිබීම නිසා ආනයනික ලොකු ලූණූ මිල ගණන් මෙලෙස ඉහළ ගොස් තිබේ.
මේ අතර, සිල්ලර වෙළෙඳ සැල් බොහොමයක ඊයේ දිනයේදී ලොකු ලූනු කිලෝවක් අලෙවි කෙරුණේ රුපියල් 600 ත් 650 ත් අතර මිලකටය.