හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු ප්රසිද්ධ ගායන ශිල්පී චාමර වීරසිංහ බැලීම සඳහා අවසර හිමි නොවන බවට දකුණු කොළඹ ශික්ෂණ රෝහල දැනුම්දී ඇති බව වාර්තා වේ.
ඒ විශාල රසික පිරිසක් ඔහුගේ සැප දුක බැලීම සඳහා රෝහලට පැමිණීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකය ඉදිරිපිට දැන්වීම් පුවරුවක් සවි කරමිනි.
එසේ පැමිණීම ඔහුට ද විශාල අපහසුතාවයක් ඇති කරන බවට රෝහල් ප්රකාශකයෙකු සඳහන් කර තිබේ.
එම නිසා කිසිවෙකුත් මේ මොහොතේ චාමර වීරසිංහ බැලීම සඳහා රෝහලට පැමිණීමෙන් වළකින ලෙසට ඔවුන් ඉල්ලා සිටී.