සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ඒ, බෝලන්ඩ් පාර්ක් හි පාර්ල් ක්රීඩාපිටියේදීයි.
මෙම තරගාවලියේ පළමු තරගය ඉන්දීය කණ්ඩායම විසින් ජය ගත් අතර, දෙවන තරගය ජය ගැනීමට දකුණු අප්රිකානු කණ්ඩායම සමත් වි තිබේ.
ඒ අනුව අද පස්වරු 4.30ට ආරම්භවීමට නියමිත අවසන් මහා තරගය තියුණු මුහුණුවරක් ගනු ඇතැයි ප්රවීන ක්රිකට් ක්රීඩා විස්තර විචාරකයින් පෙන්වා දී තිබේ.