මෙවර ශ්‍රිපාද වන්දනාව සමය මේ මස 26වන දිනට යෙදි ඇති උදුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වන අතර එම ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ කිරිම සදහා සදාතුක කරඩුව,සුමන සමන් දේව ප්‍රථිමාව,දේව ආභරණ වැඩම කරවිම මේ මස 25 වන දින සිදුකරනු ලබන බව වාර්තා වේ
පැල්මඩුල්ල ගල්පොත්තාවල රජ මහ විහාරස්ථානයේ මේ වන විට තැන්පත් කර ඇති සදාතුක කරඩුව, සුමන සමන් දේව ප්‍රථිමාව දේව ආභරණ 25 වන දින උදෑසන මාර්ග හතරක් ඔස්සේ පෙරහැර හතරකින් ශ්‍රිපාද මහ මළුව දක්වා වැඩම කරවීමට පියවර ගෙන ඇති බවට නල්ලතන්නිය
පොලීසියේ නිලධාරියකු පවසා තිබේ.
මින් පෙරහැර දෙකක් අවිස්සාවේල්ල හැටන් මාර්ගය හා බලංගොඩ නොර්වුඩ් මාර්ගය ඔස්සේ නල්ලතන්නියට 25 වන දින රාත්‍රියේ පැමිණෙන බවත් පෙරහැරින් එසේ නල්ලතන්නියට වැඩම කරවන එම සදාතුක කරඩුව හා
දේව ආභරණ ඇතුළු පූජා භාණ්ඩ යුධ හමුදා නිලධාරින් විසින්
ශ්‍රිපාද මහ මළුව දක්වා වැඩම කරවීම සිදුකරන බවද එම
නිලධාරියා පවසා තිබේ.
එසේ වැඩම කරවන සදාතුක කරඩුව ඇතුළු පූජා භාණ්ඩ ශ්‍රිපාද මහ මළුවේ තැන්පත් කර 26 වන දින අළුයම ආගමික වතාවත් සිදු කිරිමෙන් පසු ප්‍රථම පුජාව පැවැත්වීමෙන් අනතුරුව මෙවර ශ්‍රිපාද වන්දනාව ආරම්භ වී 2024 වර්ෂයේ වෙසක් පුන් පොහෝ දිනයෙන් 2023 2024 ශ්‍රිපාද වන්දා සමය
නිමාවට පත්වනු ඇති.
මෙවර ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණෙන දෙස් විදෙස් වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සදහා හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතාගේ උපදෙස් මත වීශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.