හැටන් ආශ්රිත ප්රදේශයන් තුල මේ වන විට අමු මිරිස් තක්කාලි සලාද කොළ ආදිය දැඩි ලෙස ඉහළ යාමත් සමග මෙම ප්රදේශයේ පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව වාර්තා වේ.
මේ වන විට මෙම ප්රදේශයේ අමු මිරිස් කිලෝව රුපියල් 1600ත් 1700ත් අතර මිලකටද තක්කාලි කිලෝව රුපියල් 800ත් 900ත් සලාද කොළ කිලෝව රුපියල් 1000ත් 1200ත් අතර මිලකට අලෙවි වන අතර එළවළු මිලද ක්රමයෙන් ඉහළ යමින් පවතින බව සදහන්.
මෙම තත්ත්වයන් පිළිබදව අදහස් දක්වන ප්රදේශයේ පාරිභෝගිකයන් පිරිසක් පවසනුයේ නත්තල ලංවන විට මෙම ප්රදේශයේ සමහර වෙළදුන් මෙසේ එළවළු ඇතුළු භාණ්ඩ මිල ගණන් ඉහළ දමමින් ප්රදේශයේ ජනතාව ගසා කෑමට ලක්කරන බවත් මෙම තත්ත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත්ය.