ලන්කාවේ තරුණ ජීවිතවලට, නිසි ඉලක්කයක්, අනාගතය ජයගත යුතු ආකාරය පිළිබදව අවශ්‍ය උපදේශ රජයන් වලින් ලබා නොදුන්නේය. නමුත් 15% ක් පමණ වන බුද්ධිමත් තරුණ ප්‍රජාව තම ඉලක්කයන් සපුරාගන්නේ විවිධ ගවේෂණවලිනි. ඒ ආකාරයෙන් අපේ රටට දැනුමක්, ඉලක්කයක් දිය හැකි කතාවකින් අපේ රටේ තරුණයෙක්ම අන්තර්ජාතික ජයග්රහනයක් ලබා ගත් බවට BBC පුවත් සේවය වාර්තා කර තිබේ. එම පුවත පහතින.
ලෝක රූපවාහිනී ක්ෂේත්රයේ දැවැන්ත ම සම්මාන උළෙලක් ලෙස සැලකෙන, එක්සත් ජනපදයේ එමී
සම්මාන උලෙළේ දී (Emmy Awards) සම්මානයක් දිනා ගැනීමට ශ්‍රී ලාංකිකයෙකු වන ජේසන් රාජසිංහ පසුගිය දා සමත්විය.
ඒ, ඔහු ඩිස්කවර් මීඩියාවර්ක්ස් සමාගම වෙනුවෙන් නිර්මාණය කරන Uniquely Wisconsin නමැති වැඩසටහන් මාලාවේ “Farm to table pizzas: The little red barn” නමැති කතාංගය වෙනුවෙනි.
ජේසන් රාජසිංහ එම කතාංගය වෙනුවෙන් සම්මාන දිනා ගත්තේ, ඇමෙරිකාවේ පැවති 2023 චිකාගෝ මිඩ්වෙස්ට් එමී සම්මාන උලෙළේ දී ය.
Outstanding Achievement for Lifestyle අංශයෙන් ඔහුට මෙම සම්මානය හිමිවිය.
https://www.facebook.com/plugins/video.php?height=476&href=https%3A%2F%2Fwww.facebook.com%2FJasonRajasinghe%2Fvideos%2F320525607453566%2F&show_text=false&width=267&t=0
“මේ සම්මානය හරහා ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට යම් උත්තේජනයක් ලැබේවි කියා මම හිතනවා. ශ්‍රී ලංකාව තුළ සිනමා කර්මාන්තයක් ස්ථාපනය කරන්න අපේ ජනතාව තුළ ඇති හැකියාව ගැන මෙමඟින් පණිවුඩයක් ලැබේවි. මේ වැඩේ සාර්ථක කර ගන්න ඇමෙරිකාවේ දී මට මෙවැනි කණ්ඩායමක් ලැබීම ඇත්තට ම ආශිර්වාදයක්. මම මගේ කැමැත්ත වැඩදායක දෙයක් කරන්න උත්සහ කළා,” සම්මානය ලැබීම ගැන සතුට පළ කරමින් ජේසන් රාජසිංහ පැවසීය.
2011 වසරේ දී ආරම්භ කළ IFILMSRILANKA නමින් යුත් ඔහුගේ සමාගම හරහා ඔහු ශ්‍රී ලංකාවට ආවේණික සිනමා කලාවක් වර්ධනය කිරීමේ උත්සහයක නිරතව සිටියි.
ඊට අමතරව, ඔහු RAD PRODUCTIONS USA නමින් ඇමෙරිකාවේ දී තවත් සිනමා සමාගමක් ස්ථාපනය කර තිබේ.
එම සමාගම හරහා ඔහු ORIGIN නමැති වැඩසටහනක් නිෂ්පාදනය කරමින් සිටින අතර, එය විවිධ රටවල ආහාරවල සම්භවය සහ ඉතිහාසය සම්බන්ධයෙන් කෙරෙන පර්යේෂණාත්මක වැඩසටහනකි.
එහි එක් වැඩසටහනක් 2024 වසරේදී ශ්‍රී ලංකාවේ දී රූගත කිරීමට සැලසුම් කර තිබේ.
කවුද මේ ජේසන්?
2010 වසරේ දී රූපවාහිනී ක්ෂේත්රයට පිවිසි ජේසන් රාජසිංහ, පළමුවෙන් ම PRIME TV ආයතනයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස වෘත්තිය ආරම්භ කළේ ය.
ඔහු, 2010 වසරේ සිට 2012 වසර දක්වා Creative House ආයතනයේ සේවය කළ අතර, ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ චන්ද්‍රන් රත්නම්ගේ චිත්‍රපට නිර්මාණවලට දායක වී තිබේ.
2011 වසරේ දී ඔහු CSN (Carlton Sports Network) රූපවාහිනී සේවයේ රැකියාව කළ අතර, රථවාහන සම්බන්ධ වැඩසටහන් මාලාවක් වූ MoTORQUEහි අධ්යක්ෂවරයා ලෙස ද කටයුතු කළේ ය.
2017 වසරේ දී ඔහු හෝප් රාජසිංහ සමග විවාහවිය.
(BBC සිංහල සේවය)