සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ඩුබායිහි සැඟ ව සිටින මහමෝදර සුරංජිත් විදානපතිරණ නමැත්තාට අයත් දෙමහල් ගොඩනැගිල්ලක් අද (22) පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, එම පුද්ගලයාට අයත් හික්කඩුව, වෑවල ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය දෙමහල් ගොඩනැගිල්ල, කොළඹ නීතීවිරොධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් සිය භාරයට ගත් බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා අද දහවල් හික්කඩුව, වෑවල, ගාලු පාරේ පිහිටි එම ගොඩනැගිල්ල නිරීක්ෂණය කර ඇති බව ද වාර්තා වේ.