2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යංශ ලේකම්වරුන් දස දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරන ලදී. ඔවුන්ගේ විස්තරය පහතින් දැක්වේ.
ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් ධූරයට ඒ. සී. මොහොමඩ් නෆීල් ද, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ධූරයට ඩබ්. පී. පී. යසරත්න ද, වාරිමාර්ග අමාත්‍යංශ ලේකම් ධූරයට සමන් දර්ශන පාඬිකෝරාළ ද පත්කර ඇත.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධූරයට වසන්තා පෙරේරා ද, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් ධූරයට එන්. එම්. රණසිංහ ද, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ධූරයට ගුණදාස සමරසිංහ ද පත්කර තිබේ.
පරිසර අමාත්‍යංශයේ ලේකම් ධූරයට බී. කේ. පී. චන්ද්‍රකීර්ති ද, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ධූරයට ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන ද, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ධූරයට ඉංජිනේරු. රංජිත් රූබසිංහ ද, තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ධූරයට ධර්මශ්‍රී කුමාරතුංග ද පත්කර ඇත.
එමෙන්ම උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ලෙස ආර්. එම්. ඩබ්. එස්. සමරදිවාකර ද, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස එස්. එල්. ඩී. කේ. විජයසිංහ ද පත්කර තිබේ.