නත්තල් සමයේ දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් සපයන අතර, එලෙස ලබාදී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නැත්නම් ඒ සඳහා දැනුම්දීමට පොලිස් මූලස්ථානයෙන් විශේෂ අංකයක් හඳුන්වාදී ඇති බව වාර්තා වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව පවසා තිබේ.
ඒ අනුව 011 247 27 57 අංකය හරහා අදාළ තොරතුරු දැනුම්දීමේ හැකියාව පවතින බව සදහන්.
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී 11.45ට මෙරට ප්‍රධාන දේවමෙහෙය පැවැත්වෙන්නේ හල්පේ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේදීය.