ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර ආරුක්කු 09 පාලම ආසන්නයේදී දුම්රියේ ගැටීමෙන් තරුණියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කිතල්ඇල්ල ප්රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි වියේ පසුවූ අවිවාහක තරුණියකි.
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ රාත්රී තැපැල් දුම්රියේ ගැටීමෙන් තරුණිය ජීවිතක්ෂයට පත්ව ඇති බවට පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.