දින 25 ක් තිස්සේ අතුරුදන්ව සිටි බව කියන අවුරුදු 18 සහ 19 යන වයස්වල පසුවන තරුණියන් දෙදෙනා මාතර උයන්වත්ත ප්‍රදේශයේ බෝඩිම් කාමරයක නැවතී සිටියදී අද උදෑසන පොලීස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
මාතර මූලස්ථාන පොලීසිය පැවසුවේ එම තරුණියන් කුරුණෑගල නගරයේ කොරියානු භාෂා පන්තියකට යන බව පවසා සිය මිතුරිය සමග අතුරුදන්ව ඇති බවට ඔවුන්ගේ මාපියන් ගලගෙදර හා මාවතගම පොලිස් ස්ථාන වෙත පැමිණිලි කර තිබූ බවයි.
ඒ අනුව ඔවුන් සොයා ගැනීම සදහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබුණේය.
මාධ්‍ය මගින් ප්‍රචාරය වු තරුණියන් දෙදෙනා මාතර උයන්වත්තේ නිවසක සිටින බවට මාතර මූලස්ථාන පොලීසිය වෙත ලද තොරතුරකට අනුව ඔවුන් පොලීස් භාරයට ගන්නා ලදි.