සිය මිතුරන් පිරිසක් සමග දිය නෑමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු කළුතර කටුකුරුන්ද වෙරළ තීරයේදී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කළුතර නාගොඩ ප්රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි වියේ පසුවූ දේශාන්ජන තරින්ද නමැති කොස්තාපල්වරයෙකි.
කොස්තාපල්වරයා දියේ ගිලීමත් සමග ඔහු සමග සිටි අනෙක් මිතුරන් උදව් ඉල්ලා කෑ ගසා ඇත.
පසුව ප්රදේශවාසීන් පැමිණ කොස්තාපල්වරයා ගොඩටගෙන රෝහල් ගතකිරීමට පියවර ගෙන තිබේ.
එහිදී අනාවරණය වී ඇත්තේ ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇති බවයි.
දකුණු කළුතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.