උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියරේ කටයුතු ජනවාරි මස 07 වනදා සිට ආරම්භ කරන බවට දුම්රිය දෙපාර්තමේන්තුව පවසා ඇති බව වාර්තා වේ.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කළේ, එදින සිට මාස 06 ක කාලයක් උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුරය දක්වා කොටස වසා දැමෙන බවයි.
මෙම කාලසීමාව තුළ දුම්රිය ධාවන කොළඹ සිට මහව දක්වා සහ අනුරාධපුරයේ සිට කන්කසන්තුරය දක්වා පමණක් ක්‍රියාත්මක වනු ඇති.