නාවලපිටිය පොලිස් වසමේ, ගඟබඩ දිය ඇල්ලේ දියනෑමට ගිය පිරිමි දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 15ක පානබොක්ක, කඩුගන්නාව ලිපිනයේ පදිංචිව සිටි දරුවෙකි.
මියගිය දරුවා තවත් දරුවන් සිව්දෙනෙක් සමග දියඇල්ල නැරඹීමට ගොස් දියනාමින් සිටිය දී අනතුරට මුහුණපා ඇති බවට සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.
දරුවන් දෙදෙනෙකු දියේ ගිලී නාවලපිටිය රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන අතර අනෙක් දරුවන් දෙදෙනාට කිසිදු අනතුරක් සිදුව නොමැති බව සදහන්.