ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අසාධාරණයට ලක්වු හමුදා නිලධාරීන් විසින්, ඔවුන්ට සිදු වු අසාධාරණකම් වලට එරෙහිව අධිකරණයෙන් ලබා ගන්නා තීන්දු හමුදාව තුල ක්‍රියාත්මක කිරීම වැරදි පුර්වාදර්ශයක් බව යුද්ධ හමුදාපතිවරයා රජයේ ඉහල බලධාරීන්ට ප්‍රකාශ කර තිබේ.
කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන ව්‍යූහය සැකසී තිබෙන්නේ ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමයකට අනුවය. එහිදී ඉහළින්ම තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන අතර ඒ යටතේ බිහි වු රාජ්‍ය පාලන ක්‍රමයක් බිහිව තිබේ. එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ විවිධ මහජන බලාධිකාරීන් බිහිව තිබේ. ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන මහජන බලාධිකාරීන් වේ. ඒවායේ පාලනය සිදුවිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවය.
එසේම ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන ව්‍යූහය තුල විධායකය, ව්‍යවස්ථා දායකය සහ අධිකරණය වෙන් වෙන්ව කටයුතු කරයි මෙහිදී විධායනය යනු ජනපතිගේ නියෝජනය අනුව ක්‍රියාත්මක වන රාජ්‍ය පරිපාලනයේ තීරක පංතියයි. විශේෂයෙන්ම මාංඩලික ශේරේණිය එයට අයත් වේ. හමුදාවල් වල නම් හමුදාපතිගේ සිට පහලට නිලධාරීන් එයට අයත්ය. ව්‍යවස්ථාදායකය යනු එම මහජන ආයතන වෙනුවෙන් නීතිය බලාත්මක කරන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වේ. ඒ අනුව පාර්ලිමේන්තුවෙන් පනවන ලද නීතියකට අනුව කටයුතු නොකරන විධායක නිලධාරියාට එරෙහිව අධිකරණයට යා හැක. අතීතයේ සිට මේ දක්වාම එවැනි අධිකරණ නියෝග සිය ගණනක් ලබා දී ජනතාවට මෙන්ම හමුදා නිලධාරීන් ද යුක්තිය ඉටුකර දී තිබේ.
යම් නීතියක් කඩකලහොත් එම නීතිය කඩකල පුද්ගලයාට එරෙහිව ද අපරාධ නඩුගොනුකල හැක. යමෙකුට පිළිවෙලට ලැබිය යුතු උසස්වීමක් ලබා නොදීමෙන් එම නිලධාරියාට හිමි ව්‍යවස්ථාදායකයේ නියමයන් පිළිනොපැදීමට එරෙහිවද ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනත යටතේ නඩු පැවැරිය හැකිය. නීතියට අනුව හිමි දෙයක් ලබා දීම ආරවුලක් වන බැවින් එයට එරෙහිව පොලිසියට පැමිණිලිකර සමථයක් නොවේ නම් මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කල යුතුය.
අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම තවත් එවැනිම අපරාධයක් වන අතර එය අධිකරණයට කරන අපහාසයක් වන අතර , අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීම නිසා මහජනතාවට අධිකරණය කෙරෙහි තිබෙන විශ්වාසය නැති වේ.
කෙසේ නමුත් අපට වාර්ථා වන ආකාරයට ශ්‍රී ලංකා යුද්ධ හමුදාපතිට ලබාදුන් අධිකරණ නියෝග කිහිපයක්ම ක්‍රියාත්මක කර නැත. මෙවැනිම පැරණි සිද්ධියක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන්ද වාර්ථා වේ.
නීතිගරුක හමුදාවක් ලෙස මෙන්ම ශක්තිමත් හමුදාවක් ලෙස ප්‍රකට ශ්‍රී ලංකා හමුදාවන්වලට මෙසේ කණ කොකා හැඩීමට ඉඩ නොදිය යුතුය. එය රටේ ආරක්ෂාවට දැඩි හානියකි. අධිකරණයන්ට එරෙහිව සිදුවන මෙම නීතිවිරොදී ක්‍රියා සිදුකරන හමුදා නායකයන්ට එරෙහිව කටයුතු නොකිරීමෙන් අපට උරුමවන්නේ මිලේච්ඡ හමුදාවකි. එබැවින් වර්තමාන යුද්ධ හමුදාපති ප්‍රකාශ කරන මෙන්ම, මේ වන විටත් සිදුකර තිබෙන අධිකරණ නියෝග කඩකිරීම්වලට එරෙහිව ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කල යුතුමය.
යුද්ධ හමුදාපති විසින් ප්‍රකාශ කරන ” අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම වැරදි පුර්වාදර්ශයක්” යන ප්‍රකාශය මෙන්ම හමුදා නායකයන් එසේ සිතීමද ලංකාවේ අධිකරණ පද්ධතියටම එරෙහිව කරන දැවැන්ත හානියක් වන අතර ඉදිරියේදී බිහිවන හමුදා ප්‍රධානීන්ද මෙම නීතිවිරොදී හැසිරීම ප්‍රඟුණ කරනු ඇත. වර්තමානයේ හමුදා සේවකයන්ට එරෙහිව සිදුකරන එම ක්‍රියාව හෙට දිනයේ රටේ මහජනතාවට එරෙහිව සිදුවනු ඇත.
මුහුණු පොතේ වීඩියෝව