මෙවර උත්සව සමයේදී බේකරි කර්මාන්තය විශාල කඩා වැටීමට ලක්වූ බවත් නත්තල් උත්සවයේදී කේක් අලෙවිය සියයට 75 කින් පමණ අඩුවී ඇති බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පැවසූ බව වාර්තා වේ.
ජනතාව දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත්වීම නිසා නත්තල් සමයේ පසුගිය වසරවලට සාපේක්ෂ කේක් අලෙවිය සියයට 25 ක් දක්වා අඩු වූ බව පවසන ඔහු බිත්තර ඇතුළු කේක් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයාගැනීමේ දැඩි අපහසුතාවක් පැවැති බව ද සඳහන් කර තිබේ.
ආනයනික බිත්තර බේකරි හිමියන්ට නොලැබූ බව කී ඔහු ඒ හේතුවෙන් දේශීය බිත්තරයක් රුපියල් 55 කට මිලදී ගෙන කේක් අඩු මිලට අලෙවි කිරීමේ අපහසුතාවක් පවතින බව ද වැඩි දුරටත් පවසා තිබේ.