මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් පොළොන්නරුව – මඩකලපුව ප්රධාන මාර්ගය ගල්ලෑල්ල සහ මනම්පිටිය අතර ප්රදේශයෙන් තවදුරටත් යටව පවතින බව වාර්තා වේ.
ඊයේ පස්වරු 2 සිට මාර්ගයේ සැහැල්ලු වාහන ධාවනය තාවකාලිකව නතර කෙරුණු අතර මේ වනවිට වාහන ධාවනය සම්පූර්ණයෙන් නතර කර ඇති බව සදහන්.
එම නිසා මඩකලපුව දෙසට ගමන් කරන වාහන සඳහා විකල්ප මාර්ගයක් ලෙස ගිරිතලේ ,ඇලහැර, බකමූණ, දෙහිඅත්තකණ්ඩිය මාර්ගය හරහා ගමන් කළ හැකි බව වාර්තා වේ