නෞකාවක් ග්‍රීසියේ කෝර්ෆු දූපත ආසන්නයේ දී ගිනි ගැනීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙසේ ගිනි ගෙන ඇත්තේ ග්‍රීසියේ සිට ඉතාලිය බලා ගමන් ගනිමින් තිබූ යුරෝෆෙරි ඔලිම්පියා නමැති නෞකාවක් බවයි.
ගින්න හටගෙන ඇත්තේ වාහන නවතා තිබූ තට්ටුවක බව ද සඳහන් වන අතර නෞකාවේ සිරවී සිටි පිරිසක් බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව ඇති බව ද වාර්තා වේ.
මෙම නෞකාවේ මගීන් 239 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 51 දෙනෙකු සිට ඇති අතර ඉන් වැඩි පිරිසක් ඉතාලි ජාතිකයින් බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.