කායික මෙන්ම මානසික වශයෙන්ද පිරහිණු මිනිස්සු ඉන්න ලංකාවේ, ඔවුන්ගේ ජීවිතය පවත්වාගෙනයාමට අවශ්‍ය සෞඛ්‍ය සේවයද දුෂිත සහ විශ්වාසයෙන් තොර බවට පත්ව තිබේ.
වෛද්‍යවරුන් විසින්ම සිදුකරන ඖෂධ ජාවාරම්, අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් මෙන්ම හිටපු අමාත්‍යවරැන් පවා එම මහා අපරාධය සිදුකලේ රට විනාශ වීම තව දුරටත් වැඩිකරමිනි. ඉතාම හොද වෛද්‍යවරුන්ට පවා රට එපාකරවු ශ්‍රී ලංකාවේ දුෂිත සෞඛය බලධාරීන්ගේ ම්ලේච්ඡ බව දිගින් දිගටම අප අත් විඳිමින් සිටී.
ඒ අතර පසුගිය දින කිහිපයේ වාර්තාවූ කොවිඩ් යැයි ප්‍රකාශ කෙරුණු මරණ තුනම කොවිඩ්-19 වෛරසය හේතුවෙන් සිදුවුණු මරණ නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය ජී. විජේසූරිය ප්‍රකාශ කලේය.
මහනුවර, ගම්පහ සහ අනුරාධපුර රෝහල්වලින් සිදු වූ මෙම මරණ තුන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඔවුන්ගේ PCR වාර්තා ධනාත්මක බව වාර්තා වුවත්, එම මරණවලට කොවිඩ් වෛරසයේ කිසිදු සම්බන්ධයක් නැති බව ඔහු ප්‍රකාශ කලේ මහජන සෞඛ්‍ය සේවය තව දුරටත් විශ්වාස කල නොහැකි ලෙසිනි.
එක අරමුණක් වෙනුවෙන් එකම අරමුණකට නොයන ආයතන හෝ රටක් විනාශ වීම හැර අන් කිසිවක් සිදු නොවේ. යහපත් අරමුණු යහපත් ප්‍රතිපත්ති වෙනුවට මහජන ජීවිත බිල්ලට දී , මහජන මුදල් බිලියන ගණනින් ගසාකන ම්ලේච්ඡ සෞඛ්‍ය බලධාරීන් තවමත් රටට විහිවු සපයමින් සිටී. එය රෝහල් වල කණිෂ්ඨතම කම්කරුවාගේ සිට අමාත්‍යවරයා දක්වාම එසේමය.