ගාසා තීරයේ මෙහෙයුම්වල නිරත බල සේනා පහක සෙබලුන් ඉවත් කර ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායලය සදහන් කරයි. ඔවුන් සදාහං කරන්නේ විවේක කාලයක් ලබා දීමේ අරමුණින් එම භට පිරිස ගාසා තීරයෙන් ඉවත්කරගන්නා බවයි.
එම කාලය තුල එම කණ්ඩායමට පුහුණුවක්ද ලබා දීමට නියමිත බව එම නිවේදනයේ සදහන් වුවත්, අමෙරිකාවෙන් එල්ල වන දැඩි පීඩනය හමුවේ ඊශ්‍රායලය මෙම තීරණය ගෙන ඇති බව විශේෂඥයන් ප්‍රකාශ කරයි.
ඒ අනුව තම මිතුරා වන අමෙරිකාවේ බලපෑමට ඊශ්‍රායලය ලක්ව බැව් විදේශ මාධ්‍ය සඳහන් කරයි.
ඔක්තෝබර් 7 වන දා ආරම්භ වූ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගසා තීරයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 22,000කට ආසන්න බවද වාර්තා සඳහන් කරයි.