ගම්පල පොලිස් කොඨිඨාශයට අයත් නව කුරුදුවත්ත පොලිසියේ සේවය කරන පොලිස් නිලධාරින් විසින් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්දගේ අක්කගේ පුතාගේ ශරීර පරික්ෂාවක් කර තිබෙන බවත්, එම සිද්ධියෙන් පසු එම දරුවාගේ පියා 2023 12 30 වන දින බීමත්ව, වාහනවලින් පැමිණ පොලිසියට බැන තර්ජනය කර කලහ කාරී ලෙස හැසිරී තිබේ.
මෙම සිද්ධිය පිළිබඳව ගම්පොල කොඨිඨාශ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාද මෙම සිද්ධිය වසන්කොට තිබෙන බව පෙනෙන අතර මධ්‍යම පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ නියෝගයෙන් ගම්පොල සහකාර පොලිස් අධිකාරි කමල් ආරිවංශ මහතා විසින් කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී තිබෙන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අක්කාගේ පුතාවන ඉන්දික අමරසිංහ යන නිල් පැහැති කාර් රථයකින් පැමිණ මෙම තර්ජනය කර තිබෙන බවයි.
ඒ අනුව ඔවුන් පරික්ෂා කල බවට කියන පොලිස් නිලධාරීන් දෙදෙනාට ද මෙම පුද්ගලයා තර්ජනය කර තිබේ. එම පරික්ෂාව සිදුකර තිබෙන පොලිස් නිලධාරීන්ට, මෙම පුද්ගලයාගෙන් සමාව ගන්නා ලෙස බලපෑම් කර තිබෙන අතර එයට එරෙහි වූ පොලිස් නිලධාරියෙකු, “ සර් ළමයි දෙන්න චෙක් කරන්න කියපු නිසා තමයි අපි ළමයි චෙක් කරේ. සර් දැන් ඇඟ බේරාගෙන අපට වරද පටවනවා. ඒ නිසා සර් ගැන කිසිම විශ්වාසයක් නෑ. සර් වගකීමක් බාරනොගන්නා නිසා සර් කියන ඒවාට මම එන්නේ නෑ. අද මට තියෙන රාජකාරිය රාත්‍රී උපසේවය. අද රෑ එහෙම අවොත් මම උන්ට වෙඩි තියලා, සර්ටත් වෙඩි තියලා මාත් වෙඩි වෙඩි තියා ගන්නවා” යනුවෙන් ප්‍රකාශ කර තිබේ.
මෙම පොලි ස්ථානාධිපතිවරයා ස්ථානාධිපති තනතුරකට නුසුදුසු බවත්, මීට පෙරත් ඒ පිළිබදව විවිධ වාර්තා මගින් පොලිස්පතිවරයා දැනුවත් කරද තිබේ.
ඒ අනුව මෙම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඉවත් කර වෙනත් අනුප්‍රාප්තික නිලධාරියෙකු පත්කර ගැනීමට මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා, වැඩබලන පොලිස්පතිවරයාගෙන් අනුමැතිය ඉල්ලා තිබේ. ඒ අනුව, බරපතල සිදුවීම් වලකවා ගැනීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා නියෝග කර තිබේ.