සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරීන් විශ්‍රාම යාම හේතුවෙන් ඉදිරියේදී එහි කටයුතු අකර්මණ්‍ය වීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ.
එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, තවත් මාස 05ක් ඇතුළත ප්‍රධාන පරිපාලන නිලධාරීන් සිව්දෙනෙකුම විශ්‍රාම යාමට නියමිත බවයි.
පරිපාලනය සිදුකරන නිලධාරීන් 06 දෙනාගෙන් සුරාබදු කොමරිස්වරයා සහ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු දෙසැම්බර් මාසයේදී විශ්‍රාම ගෙන තිබේ.
එමෙන්ම වැඩබැලීමට පත්කර ඇති කොමසාරිස්වරයාද පෙබරවාරි 25 වනදින විශ්‍රාම යාමට නියමිත බව වාර්තා වේ.
මෙම හේතුවෙන් ඉදිරියේදී රාජගිරියේ පිහිටි සුරාබදු ප්‍රධාන කාර්යාලයේ පරිපාලන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුවන බව සඳහන්ය.
මේ පිළිබඳ අවධානය යොමු කරමින් සුරාබදු විධායක නිලධාරීන්ගේ සංගමය විසින් රජයෙන් ඉල්ලා ඇත්තේ සිටින අත්දැකීම් අඩු නිලධාරීන් පුහුණු වන තෙක් ප්‍රධාන නිලතල දරණ නිලයන් විශ්‍රාම නොයවන ලෙසය.
කෙසේ වෙතත් රජය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම මඟින් රටට බදු මුදල් අවශ්‍යම මොහොතක ඒවා එක්රැස් කිරීමට නොහැකි වන බව සුරාබදු විධායක නිලධාරීන්ගේ අදහස වී ඇත.