රුසියාවේ තවත් යුද අභ්‍යාසයක් ආරම්භ කර ඇත.
එරට ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේ බැලැස්ටික් සහ කෘස් මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ අභ්‍යාස ද මෙම යුද අභ්‍යාසයන්ට ඇතුළත් වන බවයි.
මෙම යුද අභ්‍යාසය තුළින් හමුදා අණදීම, ප්‍රහාර එල්ල කිරීමේ ඒකක සහ මිසයිල කාර්ය මණ්ඩල සූදානම පරීක්ෂා කිරීම සහ උපාය බමාර්ගික න්‍යෂ්ටික සහ සාම්ප්‍රදායික ආයුධවල විශ්වසනීයත්වය තහවුරු කිරීම යන අරමුණු ද ඇතුළත් වන බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර ඇත.
ඒ අනුව මෙම යුද අභ්‍යාස ඊයේ (19) දින ආරම්භ කර ඇත.
එමෙන්ම පසුගිය දා බෙලරූස් රාජ්‍යය සමග රුසියාව පසුගිය දින කිහිපය තුළ ඒකාබද්ධ යුද අභ්‍යාසයක ද නිරතව ඇත.